Friday, September 26, 2014




An Interview in Colombo in December 2013  on Folk Rice Conservation

alakagunawardene.com/.../සිවුමංසල-කොලූගැටයා-152-ජන-වී/
Jan 18, 2014 - In this week's Ravaya column

වුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

18 January 2014 — Nalaka Gunawardene
In this week’s Ravaya column, I feature Indian agricultural scientist and activist Dr Anupam Paul, who is committed to organic farming and preserving traditional varieties of rice (folk rice).
He was in Colombo in December 2013 when I had an interesting interview on the uphill struggle to sustain in-situ conservation efforts working with a handful of committed farmers who still grow folk rice varieties instead of hybrid ones promoted by the Green Revolution.
For more info in English, see his paper:
Indigenous Rice: Ignored in Conventional Agriculture


Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com
ලෝකයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දෙනා නිතිපතා බත් ආහාරයට ගන්නවා. මේ නිසා සහල් යනු ලෝකයේ වැදගත් ආහාරයක්.
වී වගා කිරීම මීට වසර 8,200 – 13,500කට පමණ පෙර චීනයෙන් ඇරැඹී ටිකෙන් ටික දකුණු හා අග්නිදිග ආසියානු රටවලට පැතිර ගිය බව ජාන විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබෙනවා. වී ශාකය හා එයින් ලැබෙන සහල් හුදෙක් ආහාරයක් හැටියට පමණක් නොව මේ රටවල ජන සංස්කෘතියේ කොටසක් බවට පත් වුණා. 1


අපේ දිවයිනෙහි වී වගාව ඇරැඹුණේ කවදාදැයි හරියට කිව නොහැකි වුවත් එය අපේ රටට ආවේණික ශාකයක් තරමට අද අපට සමීපයි. ඉන්දියාව, බුරුමය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල තත්ත්වයන් එයයි.
සාම්පරදායික වී රභේද රැක ගනිමින් ඒවා ගොවීන් අතර රවර්ධනය කරන්නට වෘත්තීය හා පෞද්ගලික මට්ටමින් කැප වී සිටින අසාමාන් ගණයේ ඉන්දියානු කෘෂි විද්යාඥයෙක් මට ළඟදී හමු වුණා.
ආචාර්ය අනුපම් පෝල්ගේ (Dr Anupam Paul) නිල තනතුර බටහිර බෙංගාල රාන්තයේ කෘෂිකර්මය පිළිබඳ නියෝජ් අධ්යක්ෂ. රාන්ත රජයේ කෘෂි ජෛවවිවිධත්ව සංරක්ෂණ ගොවිපලක් ඔහු යටතේ පාලනය වනවා.
සොබාවික පරිසරයේ ජෛව විවිධත්වය තරම් කෘෂි ජෛව විවිධත්වය (agro-biodiversity) වටිනා බව ඔහුගේ විශ්වාසයයි. අපේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නට කෘෂි ජෛව විවිධත්වය රැක ගත යුතු යැයි සඳහා එහි රධානතම භාරකරුවන් වන ගොවීන් සමඟ පර්යේෂකයන් හා නිලධාරින් සමීපව රියා කළ යුතු යැයි ඔහුගේ අදහසයි.
ඉන්දියාවේ වී වගාව බහුලව කැරෙන රදේශයක වෙසෙන ඔහුගේ වැඩි අවධානය යොමුව ඇත්තේ සාම්පරදායික වී රභේද වෙතයි. ඔහු ඒවා හඳුන්වන්නේ ජන වී රභේද  (folk rice varities) යනුවෙන්.
හරිත විප්ලවය හරහා දෙමුහුන් වී රභේද හඳුන්වා දීමට පෙර ඉන්දියාව පුරා ජන වී රභේද 82,000ක් පමණ තිබු බවත්, බටහිර බෙංගාලයේ පමණක් එබඳු රභේද 5,500ක් වූ බවත් ඔහු කියනවා. එහෙත් රාජ් කෘෂි රතිපත්තිය යටතේ දෙමුහුන් වී රභේද කිහිපයක් පමණක් මුළු භාරතය පුරා රවර්ධනය කෙරුණු නිසා මේ ජන වී රභේද භාවිතයෙන් ඉවත්ව ගියා. මේ වන විට බෙංගාලයේ සොයා ගත හැක්කේ ජන වී රභේද 250ක් පමණයි.
කෘෂි ජෛව විවිධත්වය රැක ගැනීමේ හොඳම රමය නම් ඒවා වගා කිරීමයි. ඓතිහාසිකව අතිවිශාල බෝග රභේද සමුදායක් බිහි වූයේ හා පැවත ආයේ රාජ් මැදිහත්වීමකින් නොව රට පුරා විහිදුණු ගොවීන් තමන් ලැදි බෝග රභේද කන්නයෙන් කන්නයට වගා කළ නිසයි.
මෙයට අමතරව නූතන ජාන බැංකු හරහා වඳ වී යාමේ තර්ජනයට ලක් වූ බෝග රභේද රැක ගත හැකි නමුත් එය හැම රටක හා හැම බෝගයකට කළ හැක්කක් නොවෙයි. එසේ බීජවල ජෛවී බව කෘතරිම පරිසරයක දිගට පවත්වා ගැනීම අභියෝගයක්.
ඉන්දියාවේ ජාතික පැලෑටි ජාන සම්පත් සංරක්ෂණ ආයතනයේ වී රභේද 80,000ක් පමණ තැන්පත් කර ඇතැයි නිල වාර්තා කියතත්, ඒවායේ සාඵල්යය බව ගැන සහතික වීමට බැරි යැයි පෝල් කියනවා. ‘‘ජන වී පැවතිය යුත්තේ විවෘත පරිසරයේ, කුඹුරුවල, ගොවීන්ගේ භාරකාරත්වය යටතේයි. සුළු වී ගොවියා කරන කාර්යය වායුසමීකරණය කළ රසායනාගාරවලට කළ 2 නොහැකියි!’’

Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene
ඉන්දියාව පුරා තිබෙන රජයට අයත් ගොවිපල 150න් කාබනික ගොවිතැන කැරෙන එක ගොවිපල භාරව සිටින්නේත් අනුපම් පෝල්. 1950දී ඇරැඹූ මේ ගොවිපල කල්කතාවෙන් කිමී 86ක් උතුරට වන්නට නාඩියා රදේශයේ අක්කර 15ක් වසා පැතිරෙනවා. කෘෂි රසායනික කිසිවක් නොමැතිව සොබාවික පොහොර හා සොබාවික රම පමණක් යොදා ගනිමින් ජන වී රභේද වගා කොට හොඳ අස්වනු නෙළා ගන්නා රම මේ ගොවිපලේ අත්හදා බලනවා. එහිදී ගොවීන් හා විද්යාඥයින් සමසමව කටයුතු කරන බවත්, දෙපිරිස එකිනෙකාගෙන් අළුත් දේ උගන්නා බවත් ඔහු කියනවා.
බංකුරා නම් ස්ථානයේ පිහිටි (VRIHI) බීජ සංරක්ෂණ කේන්ද්රයේ (www.vrihi.org) ජන වී රභේද 750ක් සුරැකෙන අතර නාඩියා සංරක්ෂණ ගොවිපලේ ජන වී රභේද 207ක් වගා කිරීම හරහා සුරකිනවා.
‘‘ජන වී රභේද නූතන අවශ්යතාවලට සරිලන තරම් අස්වනු ලබා නොදෙනවා යැයි සමහරුන් කියනවා. මා එය පිළිගන්නේ නැහැ. ඇතැම් ජන වී රභේද, හරිත විප්ලවයේ දෙමුහුන් වී තරම් ඵලදාව ලබා දීමට සමත්’’ පෝල් කියනවා.
ඔහු අවධාරණය කරන්නේ වෙල් යායක සමස්ත ජෛවීය නිෂ්පාදනය (total biological production) සැළකිල්ලට ගත යුතු බවයි. දෙමුහුන් වී රභේද වැඩිපුර සහල් රමාණයක් ලබා දුන්නත් ඒවායේ පිදුරු රමාණය අඩුයි. වගා බිමට වැඩියෙන් රසායන පොහොර දැමීම අවශ්යයි. කෘෂිරසායන යොදන කුඹුරක මිරිදිය මාළුන් ඇති කිරීම වැනි අතුරු ඵලදායක් ලද නොහැකි බව ඔහු පෙන්වා දෙනවා. එහෙත් කාබනිකව ජන වී වවන විට මේ සියල්ල කළ හැකියි. 3
සමස්ත ඉන්දීය මට්ටමින් ජන වී රැක ගැනීම තමාට තනිව කළ නොහැකි වුවත් බෙංගාල රාන්ත මට්ටමින් හෝ එය කිරීමට පෝල් වෙර දරනවා. 2001දී ඇරැඹි මේ රයත්නය හරහා මේ වන විට ජන වී රභේද 127ක් එයට උනන්දුව හා කැපවීම ඇති ගොවීන් 80 දෙනෙකු අතර බෙදා දී ඒවා වගා කිරීම සිදු වෙනවා.
බටහිර බෙංගාලය පුරා මේ වන විට ජන වී රභේද සුළු පරිමාණයෙන් වවන ස්ථාන 15ක් ඇතැයි එය කන්නයෙන් කන්නයට පවත්වා ගෙන යාම ලොකු අභියෝගයක් යැයි ඔහු කියනවා.
‘‘අද රට පුරා තරුණ තරුණියෝ ගොවිතැනට කැමති නැහැ. මවුපිය උරුමයෙන් ලද ගොවිකම වෙනුවට නගරයේ රැකියා සොයා ගෙන යාම හෝ පිටරට රැකියාවලට යාම බහුලව සිදු වනවා. ඉන්දියානු ගොවිතැනේ අනාගතය අවිනිශ්චිතයි.’’
ඉන්දියාවේ රගතිශීලි ගොවීන් මෙන් සංවේදී විද්යාඥයන් ජන වී රභේද ගොවිතැන් කිරීම හරහා රැක ගැනීමේ වැදගත්කම වටහා ගෙන තිබෙනවා. එහෙත් කෘෂි විද්යාව උගන්වන කිසිදු ඉන්දියානු සරසවියක් තවමත් ජන වී ගැන අවධානය යොමු නොකරන බව පෝල් කියනවා.
දැන් අපරකට එහෙත් තවමත් ගොවීන් ටික දෙනකු වගා කරන ජන වී රභේද අතර සුවිශේෂ ගුණාංග තිබෙනවා. දිගටි හාල් ඇට, කෙටි හාල් ඇට, විවිධාකාරයේ සුවඳවත් සහල් වර්ග, සීත පරිසරයක වැවෙන වර්ග, නියඟයට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග ආදි වශයෙන් ජන වී රභේදවලට ආවේණික ලක්ෂණ හමු වනවා. තවත් සමහර ජන වී රභේද ජලයට යට වී දින ගණනක් පැවතිය විනාශ වන්නේ නැහැ.
එක් වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් හෝ තුනක් ඇති ජන වී රභේද තිබෙනවා. ජුගාල් (jugal) නමින් හඳුන්වන ජන වී රභේදයේ වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් තිබෙනවා. සටීන් (sateen) ජන වී තුළ සහල් ඇට තුනක් හමු වනවා.



4
Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013
‘‘ජන වී රභේදවල විවිධත්වයේ හා විචිතරත්වයේ ඉඟියක් මෙයින් ලැබෙනවා. මේවා (අවභාවිතය නිසා) වඳ වී ගියොත් කෙතරම් තැත් කළත් නවීන විද්යාවට යළි බිහි කළ නොහැකියි. දැනට මේවා වගා කරන්නේ බටහිර බෙංගාලයේ ගොවීන් ටික දෙනකු පමණයි. මේ ගොවීන් සංඛ්යාව වැඩි කර ගැනීම අපේ ලොකු අරමුණයි,’’ ඔහු කියනවා.
‘‘මෙබඳු ගති ලක්ෂණ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් වී රභේදවල දකින්නට නැහැ. එම ගති සොබා ලබා දෙන ජාන, සාම්පරදායික වී වලින් වෙන් කොට නවීන වී රභේදවලට මුසු කළත් එතරම් සාර්ථක වී නැහැ. සොබාදහම වසර මිලියන් ගණනක් පුරා බිහි කළ වී රභේද ඉක්මවා යන්නට අපේ විද්යාවට තවමත් නොහැකියි.’’ පෝල් කියනවා.
සමහර ජන වී රභේද ඉතා කුඩා පරිමාවක් ආහාරයට ගැනීම සෑහෙනවා. උදාහරණයක් නම් පච්චපෙරුමාල් වී රභේදය. එහි තන්තු (fibre) රමාණය වැඩියි. යකඩ හා විටමින් බී තිබෙනවා. ආහාරයට ගත් විට රතිඔක්සිකරණයවීම සිදු වන නිසා පිළිකා ඇති වීම වැළැක්වීමට එය උපකාර වෙතැයි ඔහු කියනවා.
මේ අතර දෙමුහුන් වී රභේදවලින් ලබා ගත හැකි වූ අධික වී අස්වැන්න කෙමෙන් අඩු වීමට පටන් ගෙන ඇතැයි පෝල් කියනවා. මෙයින් කැළැඹුණු ගොවීන් පෙර තිබු අස්වනු ලබා ගැනීමට වඩ වඩාත් කෘෂිරසායනික යෙදීම කරනවා. එහෙත් පසේ සාරවත් බව අඩු වී ගිය භූමියෙන් එක දිගට වැඩි අස්වනු ලබා ගැනීමට නොහැකියි.
දෙමුහුන් වී වර්ග, ලවණ මුසු වූ බිම්වල හෝ අර්ධ ශුෂ්ක රදේශවල වගා කිරීමට නොහැකියි. එහෙත් එබඳු දුෂ්කර පරිසරවල වැවීමේ හැකියාව ඇති සමහර ජන වී රභේද තිබෙනවා.
දෙමුහුන් වී රභේදවල තව සීමා තිබෙනවා. ඒවා වැවීමට වැඩිපුර ජල රමාණයක් අවශ්යයි. හරිත විප්ලවය හඳුන්වා දුන් බෝරෝ වී (Boro Rice) වැවීමට එක් කිලෝවක් සඳහා ජලය ලීටර් 3,000 – 4,000 පමණ කුඹුරට යෙදිය යුතුයි. ජල හිඟයකට මුහුණ දෙන අද මේ අවශ්යතාව පිරිමසා ගැනීම ලෙහෙසි නැහැ.
සියවස් ගණනක් තිස්සේ ජන වී (වගා කිරීම හරහා) රැක ගත්තේ රාජ් ආයතන හෝ විද්යාඥයන් නොව කුඩා පරිමාණයේ ගොවීන්. ඔවුන්ට නිලධාරි බලපෑම් හා වෙළඳපොල බාධක නැතිනම් තව දුරටත් එය කළ හැකියි. එහෙත් හැම කාරියකට මැදිහත් වීමේ වත්මන් රාජ් පාලන රමය යටතේ ගොවීන්ට සාම්පරදායික බීජ සංරක්ෂණය පෙර තරම් ලෙහෙසි නැහැ.
ජීව විද්යාඥයන් හොඳින් දන්නා පරිදි  ඕනෑ ජීවි (ශාක හා සත්ත්ව) විශේෂයක පැවැත්ම හා සවිමත් ජාන පදනම රඳා පවතින්නේ එහි රභේද වැඩි සංඛ්යාවක් සොබාවිකව පරිසරයේ රැඳී තිබීම හරහායි. හරිත විප්ලවය නිසා වගා කරන බෝගවල රභේද විශාල ලෙස අඩු වූවා පමණක් නොව ඒවායේ වල් රභේද (crop wild relatives) ක්ෂීන වී ගොසින්. 5

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
අනුපම් පෝල් ඇතුළු කාබනික වගාවේ හා ජන වී සංරක්ෂණයේ නිරත වූ බොහෝ දෙනකුට ආදර්ශය හා රබෝධක ආවේගය ලැබෙන්නේ ආචාර්ය වන්දනා ශිවා (Dr Vandana Shiva) නම් රකට රියාකාරිනිය හරහායි. ඇය ඇරැඹූ නව්ධාන් (Navdanya.org) නම් සාමූහිකත්වයේ පෝල් යාවජීව සාමාජිකයෙක්.
වන්දනා ශිවා ඔහුට වරක් මෙසේ කීවා: ‘‘ඔබ රජයේ සේවකයකු ලෙස කෘෂි සමාගම්වල අවශ්යතාවලට අනුකූලව කටයුතු කෙරෙතැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොකරන ඔබ ඇත්තට කඩාකප්පල්කරුවෙක්!’’
ගොවිතැන් කරන බෝගවල ජාන විවිධත්වය රැක ගන්නට පරිසරවේදීන් ඇති තරම් උනන්දු නොවීම ඛේදවාචකයක් බව පෝල් කියනවා. ‘‘වන ජීවි විවිධත්වය වගේ කෘෂි බෝග විවිධත්වයත් අපේ පැවැත්මට අතවශ්යයි. එය හීන වී නැති වී ගියොත් අපට ආහාර සුරක්ෂිතභාවය අහිමි වනවා පමණක් නොව අපේ ජන සංස්කෘතියේ වැදගත් අංග විනාශ වනවා.’’
Indian Ecologist Dr Debal Deb speaks of conserving folk rice- youtube Vedio
See also:


Leave a Reply

January 2014 7
M
T
W
T
F
S
S


1
2
3
4
5
6
7
8
9
11
12
13
14
15
16
19
20
21
22
25
26
27
28
29
30
31